හුංගම කුඹුරු යායක ඇතිවූ ගින්න මැඩපවත්වයි

හුංගම කුඹුරු යායක ඇතිවූ ගින්න මැඩපවත්වයි
අම්බලන්තොට, හුංගම කිවුල ප්‍රදේශයේ ඊයේ (24) සවස 04ට පමණ කුඹුරු යායක පැතිරීගිය විශාල ගින්නක් මැඩපැවැත්වීමට හැකිවූ බව හුංගම පොලිසිය පවසයි.
 
(24) සවස 3.30 පමණ සිට සාමාන්‍ය ලෙස ගිනි ගෙන ඇවිලී තිබු අක්කර 100ක පමණ කුඹුරු යාය සවස 04 පමණ වනවිට ගින්න විශාල ලෙස ඇවිලී යන්න වූ බව හුංගම පොලිසිය සදහන් කරයි.
 
ගින්න තවදුරටත් පැතිර යෑම හා අවට තිබෙන නිවාසවලට හානි වීම වලක්වා ලීම සඳහා තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් හා තංගල්ල නාවුක හමුදා කදවුරේ ගිනි නිවන රථයක්  වහා කැඳවා ගින්න පැතිරීම නතර කර බව පොලිසිය කියයි.
 
ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර යම් අයෙකු අස්වනු නෙලන ලද කුඹුරු යායක් සදහා ගිනිතැබීමෙන් ගින්න ඇතිවන්නට ඇතිබවට පොලිසිය සැක කරයි. මේ සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
රාහුල් සමන්ත - හම්බන්තොට
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget