ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් කුලියාපිටියේ පිහිටුවනු ලැබීමට යෝජිත වොක්ස්වැගන් මෝටර් රථ කම්හල ඉදිකිරීමට අවශ්‍ය ඉඩමක් මේවන විට වෙන් කර තිබේ.
ඒ අනුව මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් කුලියාපිටිය, ලබුයාය ප්‍රදේශෙයේ පිහිටි මහා නුගලන්ද වත්තෙන් අක්කර 30 භූමි ප්‍රමාණයක් වොක්ස්වැගන් මෝටර් රථ කම්හල සඳහා වෙන්කොට ඇති බව කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය පවසයි.
එම ඉඩම් කොටස, ඉඩම් අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයකින්, කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භාරයට පත්කොට ඇති අතර එහි තක්සේරු වටිනාකමින් කොටසක් ඉඩම් පනත ප්‍රකාරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගිණුමෙහි තැන්පත් කරනු ලැබ ඇති බවද වාර්තා වේ.
0 comments :
Post a Comment