උතුරු පළාත තුල රාජ්‍ය සේවයට බඳවා ගන්නා වයස් සීමාව අවුරුදු 35 සිට 40 දක්වා දීර්ඝ කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පියවර ගෙන ඇත.
ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය දැනට මුද්‍රණය වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අතරම උතුරු පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන ස්වෙච්ඡා ගුරුවරුන්, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන ගුරුවර ගුරුවරියන්, අර්ධකාල වැටුප් සහිත සේවය කරන ගුරුවර ගුරුවරියන් පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ඉදිරි දිනයකදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකා රෙජිනෝල්ඞ් කුරේ මහතා සඳහන් කළේය.
0 comments :
Post a Comment