හම්බන්තොට, බඳගිරිය යහන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.ජී. ගයාෂාන් නමැති තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඔහුගේ පියාගෙන් කරුණු විමසා තිබේ.
තරුණයාගේ පියා වන ජී.ජී. සිරිපාල මහතා ප්‍රකාශ කළේ ඊයේ (13) පොලිස්පතිවරයා දුරකතනයෙන් තමන්ව අමතා තම දරුවා කෙසේ හෝ සොයාදෙන බවත් මෙම සිද්ධිය පිළිබඳව තමා වගකීමෙන් කටයුතු කරන බවත් පැවසූ බවයි.
මේ වනවිට අදාළ තරුණයා අතුරුදන්වී සතියකටත් වැඩි කාලයක් ගතවන අතර තවමත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් ඊට හම්බන්තොට පොලීසියේ නිලධාරින් පිරිසක් ද ඇතුළත් බවත් පොලීසිය සඳහන් කරයි.
මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන සඳහා යොදවා ඇති අතර ජාතික පොලිස් කොමිසම විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා තිබේ.
බඳගිරිය, යහන්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා පසුගිය 05 වන සඳුදා වී තොගයක් සොරකම් කළ බව පවසමින් හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් තරුණයින් දෙදෙනෙකු එදිනම අත්අඩංගුවට ගෙන ඇති අතර ගයාශාන් අත්අඩංගුවට ගත් දිනට පසුවදා වැසිකිළියට යන අවස්ථාවේදී ඔහු පළා ගොස් ඇති බවට හම්බන්තොට පොලීසිය තමන්ට දැනුම් දුන් බවයි ඥාතීන් වැඩිදුරටත් සදහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 05 දෙනෙකුට මේ වන විට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment