පේරාදෙණියේ වාහන ප්‍රශ්නයක් නිසා වෛද්‍ය - වෛද්‍ය ගුටි හුවමාරුවක්



පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ රථගාලේ වාහන නතර කිරීමේදී එක්
වෛද්‍යවරයකුගේ මෝටර් රථය මගින් අනෙක් වෛද්‍යවරයාගේ මෝටර් රථය අවහිර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්

ළමා රෝහලේ අධ්‍යක්ෂක හා එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසු දෙදෙනාම පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත. මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍යය අධ්‍යක්ෂවරයකු අද එහි පැමිණි බවද කියති.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. මුන් ගහගන්නත් දන්නවද? ඔන්න දැන් තමයි මුන්ගේ නියම ගති ලක්ෂණ එලියට එන්නේ.

    ReplyDelete