ඊයේ (12) සවස අතුරුදන්වූ බව කියන උප්පුවේලි ප්රදේශයේ ළමුන් දෙදෙනා අද (13) මඩකලපුව බලා දුම්රියෙන් යමින් සිටියදී වාලච්චේනේදී පොලීස් භාරයට ගෙන තිබේ.
ත්රිකුණාමල, උප්පුවේලි පොලිස්බල ප්රදේශයේ මිහිදුපුර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 09ක දැරියක හා වයස අවුරුදු 11ක පිරිමි ළමයෙකු ඊයේ සවස සිට අතුරුදන්ව සිටි අතර සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කොට තිබුණි.
මෙම ළමුන් දෙදෙනා ඥාති සොහොයුරන් වන අතර ඊයේ සවස උපකාරක පංතියකට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් තිබේ.
සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ පොලීසිය සැක කටයුතු අයුරින් මෙම ළමුන් දෙදෙනා දුම්රියෙන් යමින් සිටියදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
0 comments :
Post a Comment