කලාකරුවෝ ජනාධිපතිගේ සාදය වර්ජනය කරයි

කලාකරුවන් වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ අද (13) රාත්‍රීයේ පැවැත්වෙන සාදය වර්ජනය කිරීමට කලාකරුවන් පිරිසක් තීරණය කර ඇත.

ජනාධිපතිවරයා විසින් එම සාදයට කලාකරුවන් රැසකට ආරාධනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ 'පුරවැසි බලය' සංවිධානයේ ප්‍රධානියකු වන සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා, තම සංවිධානයට හා 'සාධාරණ සාමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය'ට සම්බන්ධ කලාකරුවන් එම සාදයට සහභාගී නොවන පැවසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (12) සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශයන්ට විරෝධය පළකිරීම සඳහා එම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසිය.

ජනාධිපතිවරයාගේ කතාව කිසිසේත්ම නොකළ යුත්තක් බව ඔහු අවධාරණය කර සිටියේය.

තනතුරුවලින් ඉවත්වීමට යයි

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ට විරෝධය පළ කිරීම සඳහා ඔහුට සහාය දුන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සංවිධානයන් විසින් අද  (14) පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ පූර්ව සූදානම් වීමේ සාකච්ඡාවක් ද ඊයේ රාත්‍රී පැවැත්විණ.

මේ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නියෝජිතයන්ද, පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයන්ද ඇතුළු තවත් සංවිධාන වල නියෝජිත පිරිස් සහභාගී වී ඇත.

ස්වාධීන කොමිෂන් සභා සහ ස්වාධීන පොලිස් පරීක්ෂණ වලට සහ අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ඍජු ලෙස බලපෑම් කරමින්  ජනාධිපතිවරයා කරන ලද කතාවට විරෝධය පාමින්, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තනතුරු වලින් ඉල්ලා අස්වීමට සිවිල් සංවිධාන නායකයන් පිරිසක් එහිදී තීරණය කර ඇතැයි දැන ගන්නට තිබේ.


'ශ්‍රී ලංකා මිරර්'
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment