නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ මැදිහත්වීමෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර තිබූ විරසකය සමතයකට පත්කර ගැනීමට හැකිව ඇතැයි වාර්තා වේ.
රන්ජන් මැදිවුණේ සමන්ගේ ඉල්ලීමට
මේ අවුල විසඳා ගැනීමට මැදිවන ලෙසට රන්ජන්ට ආරාධනා කර ඇත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති හා අග්‍රාමාත්‍යවරයාගේ කිට්ටුම හිතවතෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතාය.
ජනපතිවරයා දැඩි ප්‍රකාශයක් කිරීමට හේතුව කුමක්දැයි දන්නේදැයි සමන් රන්ජන්ගෙන් දුරකථනයෙන් විමසා ඇති අතර රන්ජන් එහිදී ජනපතිවරයා තම පක්ෂයේ අය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අනෙකුත් කොමිසම් ක්‍රියා කරන ආකාරය ගැන කලකිරීමෙන් සිටින බව පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට හැකි දැයි සමන් රන්ජන්ගෙන් විමසා ඇත. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා අගමැතිවරයා අරලියගහ මැදුරේදී මුණ ගැසී තිබේ.
ඒ අවස්ථාවේදීම ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිගේ තීරණය වෙනස් කිරීමටද රන්ජන් මැදිහත්වූ බව පැවසේ.
මැලේෂියාවේ සංචාරයක නිරතව සිටි ඇයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් රන්ජන් අදාළ තීරණය වෙනස් කිරීමට මැදිහත්ව තිබේ. රන්ජන්, ජනපතිවරයාගේ සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කරන එජාප සාමාජිකයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකු බවද පැවසේ.
කෙසේවුවද, රන්ජන් ජනපති හා වැඩි වශයෙන් කිට්ටුවී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රීලනිප හා එජාපය අතර සබැඳියාව වර්ධනය කිරීමට ජනපතිවරයාට කිට්ටුවන්තයකු එජාපයෙන් අවශ්‍ය බවට රන්ජන්ට දී තිබූ උපදේශයකට අනුව බවද වාර්තා වේ.
දිල්රුක්ෂි අයින් නොවන බව ජනපතිට කිව්වෙත් රන්ජන්
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සිය අදහස වෙනස්කරගත් බව ජනපතිවරයාට පවසා ඇත්තේද රන්ජන් විසින් බව පැවසේ.
-සුජිත් මංගල ද සිල්වා-
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment