ලොව වැඩිම කලක් සිහසුන දැරූ තායිලන්තයේ රජු අභාවප්‍රාප්තවෙයි

ලොව වැඩිම කලක් සිහසුන දැරූ තායිලන්තයේ රජු අභාවප්‍රාප්තවෙයි

ලෝකයේ වැඩිම කාලයක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා වන තායිලන්තයේ භුමිපාල් අදුල්යාඩෙඡ් (Bhumibol Adulyadej) රජු අභාවප්‍රාප්ත විය.

රාජ්‍ය පාලනයෙන් තායිලන්තය තුළ මහත් ගෞරවාදරයට පාත්‍රව සිටි එතුමන්ගේ පාලන කාලය තුළ හමුදා කුමන්ත්‍රණ රැසක් සිදුවිය.

දේශපාලන අධිකාරියට ඉහලින් පෙනී සිටි පීතෘවරයෙකු බඳු චරිතයක් හිමිව සිටි ඔහු දේශපාලන කැළඹීම් සහිත අවස්ථාවන් වල දී ඒවාට මැදිහත්වී කටයුතු කළේය.

තායිලන්ත ව්‍යවස්ථාවට අනුව රාජ්‍යත්වයට හිමිවන්නේ සීමිත බලයක් වුවද බොහෝ තායි ජාතිකයන් අතර ඔහු දේවත්වයෙන් පිදුම් ලැබීය.

භුමිපාල් රජු උපත ලැබුවේ 1927 දෙසැම්බර් මස 5 වැනිදා ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ් හි දීය.

භුමිපාල් බිලිඳා උපත ලැබුවේ ඔහුගේ පියා වූ මහිපාල් අතුලතේජ් කුමරු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදීය .

ආපසු තායිලන්තයට පැමිණ භුමිපාල් කුමරු දෙහැවිරිදි වියේ පසුවෙද්දී ඔහුගේ පිය රජු අභාවප්‍රාප්ත විය.

භුමිපාල් කුමරුගේ පියාගේ මරණින් පසු මව ස්විස්ටර්ලන්තයට ගිය අතර කුමරු අධ්‍යාපනය ලැබුවේ එහිදීය.

1932 දී තායිලන්ත රාජ්‍යත්වයේ බලතල අඩු කිරීමෙන් පසු රජ පවුලට හිමි රාජකීය තත්වය ක්‍රමයෙන් හීන වී ගිය අතර 1935 දී භුමිපාල් කුමරුගේ මාමා වූ ප්‍රජාධිපොක් රජු පාලනය අත්හළේය.

අනතුරුව සිහසුන පැවරුනේ භුමිපාල් කුමරුගේ සහෝදරයෙකු වූ නව හැවිරිදි ආනන්ද කුමරුටයි.

1946 දී බැංකොක් මාලිගයේ සිදුවූ වෙඩි තැබීමකින් ආනන්ද රජු මිය ගිය අතර වයස අවුරුදු 18 ක් වූ භුමිපාල් කුමරු සිහසුනට පත් විය.

ඔහු තම අධ්‍යාපන කටයුතු සඳහා ස්විස්ටර්ලන්තයට නැවත ගොස් සිටියදී පැරීසියේ කළ සංචාරයක දී භුමිපාල් රජුට තම අනාගත බිරිඳ මුණ ගැසුණි.

ඇය එවකට ප්‍රංශයේ තායිලන්ත තානාපතිවරයාගේ දියණියයි.

ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1950 වසරේ අප්‍රේල් 28 වැනිදාය.

භුමිපාල් රජුවෙත ඇති ජනතා කැමැත්ත සත්‍යවූවක් වුවද රජ මාලිගයේ මහජන සම්බන්ධතා ක්‍රියා පටිපාටිය මගින් ඉතා සුක්ෂම ලෙස එය හසුරුවන බව පැවසේ.

(බීබීසි සංදේශය)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment