අරනායක සමූපකාර ඡන්දයේ ජය එජාපයට

අරනායක සමූපකාර ඡන්දයේ ජය එජාපයට

අරනායක විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම වෙනුවෙන් පැවති නිලවරණයේදී ධනපාල එපිටවත්ත මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ඒකඡන්දයෙන් තේරී පත් වී තිබේ.

එම නිලවරණයේදී ඡන්ද හිමි ඡන්ද දායකයන් ප්‍රමාණය 76 ක් වූ අතර ඉන් 71 ක් ඡන්දය භාවිතා කිරීමට සහභාගි වූ අතර ඒ සියලු දෙනාගේ කැමැත්ත මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ සභිකයන් හත් දෙනා සභාපති ධූරයට, උප සභාපති ධූරයට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරවලට තේරී පත් වූහ.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අරනායක එක්සත් ජාතික පක්ෂ සංවිධායක අධිනීතිඥ නිමල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, නායයාම වැනි දරුණු තත්ත්වයන්වලට මුහුණ දී තිබියදීත්, මෙම ජයග්‍රහණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමේ ජනප්‍රියතාවය නායගොස් නොමැති බව පැහැදිළි වන බවයි.

නව සභාපති ධූරයට පත් ධනපාල එපිටවත්ත මහතා මීට පෙර 1982 සිට 1988 දක්වා ද මෙම සමූපකාර සමිතියේ සභාපති ධූරය දරා ඇති අතර ඒ මහතා ජයග්‍රහණයෙන් පසුව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, දිවි නැඟුම ව්‍යාපෘතියෙන් සමූපකාරය ඉවත් කර සමූපකාරය විනාශ කළ මහින්ද රාජපක්ෂ මහතා සමූපකාර ඡන්ද ජයග්‍රහණය ගැන උදම් ඇනීමෙන් පෙන්වන්නේ සිය ලැජ්ජා නැති කම බවයි.

අරනායක විවිධ සේවා සමූපකාර සමිතිය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමූපකාර සමිතිය බවට පත් වී ඇති බව පෙන්වා දුන් එපිටවත්ත මහතා අද වන විට මහින්ද රාජපක්ෂ පාලනයේ ඇති අපිළිවෙල, අකාර්යක්ෂම බව සහ දූෂණ හේතුවෙන් අරනායක විවිධ සේවා සමූපකාර සමිතිය එක් ලොරියක් පමණක් ඇති ආයතනයක් බවට පත් කර ඇති බවත්ය.

අරනායක විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂක මණ්ඩලය පහතින් දැක්වේ.

ධනපාල එපිටවත්ත (සභාපති)

යූ.පී. විජේවර්ධන (උප සභාපති)

අධ්‍යක්ෂ මණ්ඩලය

ඩබ්ලිව්.ආර්.පී.සමරවර්ධන, ප්‍රියන්ත වික්‍රමසිංහ, ඊ.ප්‍රේමරත්න, කේ.ජී. ගුණවංශ, විජය දහනායක

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget