ට්‍රැෆික් ලයිට් වැටෙන තුරු සිට වාහන වලට ළංවී හිඟමන් යදින්නන් අත්අඩංගුවට


ට්‍රැෆික් ලයිට් වැටෙන තුරු සිට
වාහන වලට ළංවී හිඟමන් යදින්නන් අත්අඩංගුවට

කොළඹ හා අවට නගරවල විදුලි ආලෝක සංඥා වලට වාහන නැවතූ පසුව වාහන අසලට පැමිණ සිඟමනේ යෙදෙන යාචකයන් ඊයේ 19 සිට අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පොලිසිය අරඹා තිබේ.
මෙයට ආසන්නම සිද්ධිය වී ඇත්තේ පසුගිය සතියේ දෙහිවල මංසන්ධියේ සිදුවූ අනතුරකි. එතැනදී මේ ආකාරයට සිඟමනේ ගිය පුද්ගලයෙකු කොළ ආලෝක සංඥා වැටෙද්දීත් සිඟමන අහවර කර ඉවත් නොවීම හේතුවෙන්
පසුපසින් ආ වාහන රැසක් අපහසුතාවයට ලක්ව තිබී ඇති අතර එක් වාහනයක ඔහු හැපීමෙන් පසු තුවාල සිදුව ඇත. ඒ සම්බන්ධයෙන් පසුව ගල්කිස්ස අධිකරණයේ විභාගවූ නඩුවේදී විනිසුරුවරිය දන්වා ඇත්තේ මින් ඉදිරියට දෙහිවල මංසන්ධීයේ ආලෝක සංඥා වලට වාහන නැවතීමෙන් පසු සිඟමන් යදින අය අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මගී ජනතාවගෙන් දිගටම ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙලෙස සිඟමනේ යෙදෙන යාචකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් කොළඹ අවට සියලුම ප්‍රධාන නගරවල ආරම්භ කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබේ.
විදුලි ආලෝක සංඥා පුවරු අසල සිඟමනේ යෙදෙන ඇතැම් යාචකයින් හේතුවෙන් රිය අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවත් එය රථවාහන තදබදයටද හේතුවක් බවත් ඔහු දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් මහජනයාට පැමිණිලි සිදු කරන්නට අවස්ථාව ඇති බවත් එවැනි යාචකයින් ගැන පොලිස් ඇමතුම් ඔස්සේ දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටී.

( ඡායාරූපයේ දැක්වෙන්නේ නුගේගොඩ නාවල පාරට හැරෙන තුන් මංසන්ධියේ ආලෝක සංඥා වලට වාහන නැවතූ පසුව සිඟමන් යදින පුද්ගලයෙකි)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget