මින් ඉදිරියට පහේ ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් නෑ

මින් ඉදිරියට පහේ ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් නෑ

පහ වසර ශිෂ්‍යත්ව විභාගය මින් ඉදිරියට ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා නොව ශිෂ්‍යාධාර ලබාදීම සඳහා පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සිදු කරමින් පවතී.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද  තරගයක් වී දරුවන්ට පීඩා දෙමින් ඔවුන්ගේ ළමා කාලය උදුරාගනු ලබන අම්මාවරුන්ගේ විභාගයක් බවට පත්වී ඇති බවත් මේ තත්ත්වය වහා නැති කළ යුතු බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසූයේ ඊයේ (13) නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවැති ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 132 වන ජන්ම දින සැමරුම් උත්සව සභාව අමතමිනි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය මින් ඉදිරියට ශිෂ්‍යාධාර ලබාදීම සඳහා පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සකසමින් පවතින බව එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එහිදී ඒ මහතා මෙසේද කීය. 

“පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද තරගයක් වී දරුවන්ට පීඩා දෙමින් ඔවුන්ගේ ළමා කාලය උදුරාගනු ලබන අම්මාවරුන්ගේ විභාගයක් බවට පත්වෙලා. මේ තත්ත්වය වහා නැති කළ යුතුයි. ලෝකය ඉදිරියට යන වේගයට අපේ දරුවන් එක තැන පල්විය යුතු නෑ. අපි අපේ පාසල් 10161 න් හත්දහසක්ම ළඟම පාසල හොඳම පාසල ලෙස සෑම අංශයකින්ම සංවර්ධනය කොට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට පියවර ගන්නවා. භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද සංවර්ධනය කරනවා. ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය අයට පුහුණුව ලබා දෙනවා. ගුරු පුරප්පාඩු සියල්ල පිරවීමට පියවර ගන්නවා. තාක්ෂණික දියුණුව දැනුම කෙරෙහි අවධානය යොමු කරමින් විෂය මාලාවන් වෙනස් කිරීමට කටයුතු කරනවා. පාසල් පාදක කොට ගුරුවරු බඳවා ගැනීමට පියවරගෙන ගුරුවරු පීඩාවට පත්වන එක හැකිතාක් අවම කරනවා. ‍මේ රටේ ලක්ෂ 42ක් පමණ වන පාසල් දරුවන්ගේ අනාගතය මේ රටේ ඉදිරි අනාගතය කියන්නේ සුළු පටු දෙයක් නොවේ“ 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment