මෛත්‍රීගේ ප්‍රකාශය ගැන මහින්ද පුදුමවෙයි

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන මහින්ද පුදුමවෙයි

සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩි.ය සහ අල්ලස්‌ කොමිසම දේශපාලන අරමුණු අනුව ක්‍රියාකරනවා නම් ඔවුන් සම්බන්ධව තීරණයක්‌ ගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය ගැන තමා පුදුමයට පත්වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් කල්ගත වී හෝ මෙවැන්නක්‌ තේරුම් යැම වැදගත් බව හිටපු ජනාධිපතිවරයා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කර ඇත.

“අද රට මුහුණපා ඇති ප්‍රශ්න හා ජීවන ගැටලු පිළිබඳව රටේ ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. නමුත් රට කරවන උදවියට මේ පිළිබඳව හරි අවබෝධයක්‌ නැහැ. මඩකලපුවේ මා කළ සංචාරයකදී එම ජනතාව රට මුහුණපා තිබෙන ප්‍රශ්න පිළිබඳව කතා කළා. ඒවගේ සෑම පළාතකම ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව මා සමග කතාබහ කරනවා. ඒත් පුදුමේ අද රට කරවන උදවියට රටේ ජනතාව මුහුණපා සිටින ප්‍රශ්න නොපෙනීමයි.“

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment