වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් සම්බන්ධයෙන් වතු සේවක වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන් අද (14) සාමුහික ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය.
මෙම දෙපාර්ශවය අතර, එකඟත්වය ඇති වී තිබෙන්නේ රුපියල් 730 ක දෛනික වැටුපක් සදහායි.
මේ වනවිට රුපියල් 620ක්ව පවතින වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය සැප්තැම්බර් 24 වනදා සිට මධ්‍යම කදුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවක විරෝධතා උද්ඝෝෂණ රැසක් පැවැත්වුණි.
බගවන්තලාව ප්‍රදේශයෙන් පළමුව ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය කෑගල්ල, මස්කෙළිය, මෙන්ම කොළඹ නගරයේදී ද පැවැත්වුණු අතර ඇතැම් අවස්ථාවලදී ඉන් වාහන ගමනාගමනයට ද බාධා ඇති කළේය.
0 comments :
Post a Comment