රතුපස්වල වෙඩි තැබීම අපරාධයක් - අධිකරණයෙන් තීන්දුවක්

රතුපස්වල වෙඩි තැබීම අපරාධයක් - අධිකරණයෙන් තීන්දුවක්

2013 වසරේදී පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් විසින් වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණය අතරතුර වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් තරුණයන් 03 දෙනෙකු මියයාමේ සිද්ධිය අපරාධයක් බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) තීන්දු කර තිබේ.

ඊට අදාළ නඩුව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කර මහත්මිය මෙම තීරණය දැනුම් දුන්නාය.

මියගිය තරුණයන් 03දෙනාගෙන් දෙදෙනෙකු වෙඩි වැදී මියගිය බවත්, අනෙක් තරුණයාගේ හිසට මොට ආයුධයකින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් මියගිය බවත් පරීක්ෂණවලදී අනාවරණ වූ බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී ප්‍රකාශ කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය භාරයට ගත් ටී.56 ගිනි අවි 98 ක් රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් ගිනි අවි 3 ක් වෙඩි තැබීමට යොදා ගත් ඒවා බව අනාවරණ වී ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment