හැටන් - බගවන්තලා මාර්ගය අවහිර වෙයි (PHOTOS)

හැටන් - බගවන්තලා මාර්ගය අවහිර වෙයි (PHOTOS)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩිකරමින් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් අද (14) හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි.

එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර මහතා අවධාරණය කර සිටින්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ යා යුතු බවටයි.

මේ අතර උද්ඝෝෂණයේ නියැලෙන වතු කම්කරුවන් කියාසිටින්නේ වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය  රුපියල් 730ක පඩි වැඩිකිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කළහොත් එය වතු කම්කරුවන් පාවාදීමක් වන බවයි.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් හැටන් - බගවන්තලාව සහ හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද උදෑසන 10.00 සිට ඇණහිට තිබේ.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ  

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment