ලොවම කම්පා කරමින් දෑස් පියාගත් රෙගේ රජු බොබ් මාලේගේ මරණය සිදුවූ හැටි මෙන්න

මිල මුදලින් ජීවිතය මිලදී ගත නොහැකියි..

රොබට් නෙස්ටා බොබ් මාලේ හෙවත් රෙගේ රජු 1945 පෙබරවාරි 6 වැනි දින මෙලොව එළිය දුටුවේය. The Wilers  සංගීත කණ්ඩායමත් සමග 1963 වසරේ ඇරඹි ඔහුගේ සංගීත දිවිය 1981 වසරේ මියයන තුරුත් එමෙන්ම අද දක්වාමත් ලෝකවාසින්ගේ හදවත් තුල රැඳී පවතින්නේය.

1977 ජූළි මාසයේ ඔහුගේ පාදයේ ඇඟිල්ලක පිළිකා සෛල තිබූ හඳුනාගත් අතර වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ එම ඇඟිල්ල කපා ඉවත් කිරීමයි. එහෙත් බොබ් මාලේ සිය රස්ථෆාරියානු දහමට ඇති ලැදියාව නිසාම එය ප්‍රතික්ෂේප කර සිටියේය.

රස්ථෆාරියානු දහමට අනුව සිරුරේ අවයව ඉවත් කිරීම පාපකාරී ක්‍රියාවක් ලෙස හැඳින්වෙනවා. රෝගාබාධ හමුවේ නොසැලෙන ඔහු දිගින් දිගටම තම සංගීත කණ්ඩායම සමග ලෝක සවාරියේ නිරත වූයේය. පසුව දිගින් දිගටම සංදර්ශනවලට සහභාගී වූ ඔහුගේ කායික දුබල බව වැඩි නිසා ඒවා අතරමග නවතා දමන ලදී.

ඉන් පසු වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවු‍යේ පිළිකා සෛල ඔහුගේ ශරීරය පුරාම ව්‍යාප්ත වී ඇති බවයි. ජර්මානු වෛද්‍යවරයෙකු යටතේදී ප්‍රතිකාර ගත් හෙතෙම 1981 මැයි 11 වැනි දින ලෝක සංගීතලෝලී හදවත් මිලියන ගණනින් කම්පා කරමින් Miami රෝහලේදී මෙලොවින් සමුගන්නා ලදී. ඔහු විසින් ඔහුගේ පුත් Ziggy Marley වෙත පැවසූ අවසන් වදන වූයේ ''Money Cant Buy Life'' එනම් මිල මුදලින් ජීවිතය මිලදී ගත නොහැකියි යන්නයි.

බොබ් මාලේගේ අවමංගල උත්සවයේ වීඩියෝව.. 


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment