හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණය ඉදිරියට පැමිණවීම පිළිබඳ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දකින බවත් මේ තත්ත්වය කොන්දේසි විරහිතව විවේචනය කරන බවත් පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී ය.
ගිය වසරේ ජනවාරි 8 වැනිදා සිරිසේන බලයට පත් කිරීමට දුන් ඡන්ද 62 දෙලක්ෂයම තනිකරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් නොවන නිසා ජනපතිට එවැනි කථාවක් කළ නොහැකි බව ගාමිණී වියන්ගොඩ මහතා පැවසුවේය.
ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ මුළු රටටම ඇසෙන ලෙස විත්තිකරුවන් කිහිපදෙනෙකු උසාවියට කැඳවීම පිළිබඳ අප්‍රසාදය පළ කිරීම නොව කැඳවා නොමැති අය පිළිබඳ ජනාධිපතිවරයා වශයෙන් තීරණයක් ගැනීම බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂත්, හිටපු නාවික හමුදාපතිවරුනුත් ශ්‍රී ලංකාවේ පොදු නීතියට යටත් විය යුතු නමුත් ජනපතිගේ කථාවෙන් එය නිශේධනය වී ඇතැයි ද වියන්ගොඩ මහතා පෙන්වා දුන්නේය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති බලයට ගෙන ඒමට පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන රැසක විද්වත්හු ද සහාය දුන්හ.
0 comments :
Post a Comment