වැට් සංශෝධිත පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

වැට් සංශෝධිත පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 53කින් අද (26) පස්වරුවේ සම්මත විය.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 76ක්ද විපක්ෂව ඡන්ද 23ක්ද ලැබුණු අතර 125 දෙනෙකු ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටියේය.

මෙම සංශෝධිත පනත දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 66කින් එය සම්මත වූ අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 112ක්ද, විපක්ෂව ඡන්ද 46ක්ද ලැබුණු අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. 

එම අවස්ථාවේ ඡන්දය දීමට නොපැමිණි සිටි ගණන 65ක් විය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment