එකඟත්වයෙන් සැකසූ කෝප් වාර්තාව සිකුරාදා මැතිසබේට

එකඟත්වයෙන් සැකසූ කෝප් වාර්තාව සිකුරාදා මැතිසබේට

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයින්ගේ ඒකමතික එකඟත්වයෙන් සැකසූ වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සිකුරාදා ඉදිරිපත් කරන බව එම කමිටුවේ සාමාජික විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

කෝප්  වාර්තාව ඊයේ (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පැවසුණත් කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ තාක්ෂණික කාරණා මත එය ඊයේ ඉදිරිපත් කිරීමට නොහැකි වුවත් මෙම සතිය තුළ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment