ඉෂාර ට්‍රේඩර්ස් - LOLC අධිපති රාජා සිංගප්පූරුවේදී මියයයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික දැවැන්තයෙකු වන රාජා නානායක්කාර මහතා 77 වන වියේදී ජීවිතයෙන් සමුගෙන තිබේ. ඒ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ශ්‍රී ලංකාවට
වාහන ආනයනය කිරීමේ පුරෝගාමියෙකු වන ඔහු ඉෂාර ට්‍රේඩර්ස් වාහන ආනයන ව්‍යාපාරය ආරම්භ කළේ මීට දශක කිහිපයකට පෙරදීය.
ඔහු ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පිහිටුවීමට මුල්වූ අතර එහි ආරම්භක සභාපතිද විය.
ඉෂාර ප්ලාන්ටේෂන් නමැති ව්‍යාපාරය අරඹා ලංකාවෙන් පිටරටවලට තේ හා කුළු බඩු අපනයනයටද ඔහු අතගසා තිබුණ අතර ඉෂාර ප්‍රොපර්ටි ඩිවෙලපර්ස් මගින් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂෙත්‍රයටද අවතීර්ණ විය.
පසු කාලීනව මූල්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තාරකාවක් බවට පත්වූ ඔහු LOLC සමාගමේ වත්මන් සභාපතිද විය.ඔහු බ්‍රවුන් සහ සමාගමේද සම අධ්‍යක්ෂවරයෙකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment