පොල්පිටිය ප්‍රදේශය ගිලා බැසීමේ අවධානමක (PHOTOS)

පොල්පිටිය ප්‍රදේශය ගිලා බැසීමේ අවධානමක (PHOTOS)

ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ ගිලා බැසීමක් හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 28ක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැළණි ගග හරස් කරමින් ආරම්භ කර ඇති බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘථිය මගින් පොල්පිටියේ සිට යටියන්තොට දක්වා ජලය රැගෙනයාමට කැනීම් කටයුතු සිදුකරන උමං මාර්ගයක ඊයේ (05) පස්වරුවේ හදිසියේ හටගත් ගිලා බැස්මක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව පවුල් 28කට අයත් සාමාජිකයින් 108 දෙනෙකු එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව වාර්තා වේ.

අවධානම් ප්‍රදේශයේ සිටි පිරිස මේ වන විට පොල්පිටිය ප්‍රදේශයේ පාසලක තාවකාලිකව රඳවා තිබේ.

අදාළ උමං මාර්ගයේ කැණිම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment