ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්වෙයි

ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්වෙයි

කොස්ගම - සාලාව යුධ හමුදා කඳවුරේ ඇති වූ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද(06) උදෑසන ආරක්ෂක මණ්ඩල විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

ඊයේ(05) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධිය පිළිබඳව සියලු පරීක්ෂණ කටයුතු ආරක්ෂක හමුදාව මගින් පමණක් සිදු කරන අතර ඒ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඊයේ සිද්ධිය පිළිබඳ සියලු විස්තර ආරක්ෂක මණ්ඩලය සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇති අතර එම රැස්වීමේදී ගත් තීරණ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය දැනුම්වත් කිරීමට සූදානම් බව වාර්තා වේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment