මහත් ආන්දෝලනයකට තුඩු දුන් මල්වානේ නිවසක් සහිත ඉඩම පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ටාශයේ ඉල්ලීම පරිදි ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කොට ඒ මුදල් උසාවියේ තැන්පත් කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් තුමා නියෝගය කොට ඇත.
මෙහි මුල් පැමිණ්ල්ල පොලිසිය වෙත කරනු ලැබ ඇත්තේ එම ඉඩමේ නිවස ඉදිකිරීම් සිදු කල කොන්ත්‍රාත්කරු වන ඕලු එන්ටර්පර්යිසස් උපුල් රාමවික්‍රම නැමත්තා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන්ට වුන අසාධාරණය මෙසේ කියා සිටියේය.
“බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගන්න දවසේත් මම අවා, FCID එකෙනුයි මට එන්න එපා කිව්වේ, අද පැහැදිලිව පෙනෙනවා ඇති FCID එකත් හිට ගන්නේ හොරුත් එක්ක, මුදිත ජයකොඩි ආවේ FCID එක්ක, ඒ කියන්නේ මේ ආණ්ඩුව මේ යන්නේ පැමිණිල්ල කරපු මම පැත්තකට දාලා, දැන් හොරු ආරක්ෂා කරන්න හදනවා කියන එක, ඔබට මාධ්‍යයෙන් පෙනෙන්නට ඇති.
මුදිත කියන්නේ මේකේ ප්‍රධාන සැකකරු, සැකකරු අද එලියට එන්නේ FCID එකත්, එතකොට මම අභියෝග කරනවා ඔහු අවසාන චෙක් එක එක්කෝටි දශලක්ෂය දීල තියෙන්නේ ඔහුගේ ගිනුමෙන්, එහෙනං ඒ කාගේ සල්ලිද ? ඒවාට සාක්ෂි තියෙනවා, මේකේ බලහත්කාරයෙන් අත්සන් කරලා තමයි මගෙන් ෆයිනල් බිල් එකට ගත්තේ. මම ගියේ නැහ කිසිම තැනකට.
මේගොල්ලන් කලේ මට FCID එක මට මෙච්චරය කල් කිව්වේ මම සල්ලි ගන්නවායි, උසාවියට කියලා තියෙන්නේ, නමුත් අද කලේ දේශපාලන උවමනාවන් සකස් කරන්නයි, මට ඔප්පු කරන්න සාධක තියෙනවා” යන්නයි.
කෙසේ වෙතත් රජයේ නීතිඥ වරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටින්නේ අද දින තීන්දුව කඩාකප්පල් කිරීමේ මුවාවෙන් මොහු පැමිණ ඇති බවතයි, රජයේ නීතිඥවරයා ලිපි ලේඛන මාධ්‍ය වෙත පෙන්වමින් කියා සිටියේය ඔහුට ගෙවීමට ඇති සියලු මුදල් ගෙවා ඇති බවයි.
Home
/
News
/
මුදිත කියන ප්‍රධාන සැකකරු එලියට එන්නේ FCID එකත් එක්ක, කලේ දේශපාලන උවමනාවක සකස් කිරිමයි – උපුල් රාමවික්‍රම
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment