මෙරට විදෙස් තානාපති 50 දෙනාගෙන් 28ක් ආණ්ඩුවේ නෑදෑ හිතවතුන්.. ලයිස්තුව මෙන්න..

ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල රදවා සිටින දූත මණ්ඩල ප්‍රධානින් 50 දෙනාගෙන් 27 දෙනෙකු දේශපාලඥයින්ගේ නෑදෑ හිතවතුන් හා දේශපාලන සම්බන්ධකම් අනුව පත් කර ඇතැයි හෙලිව තිබේ.

තානාපතිවරුන් සිවු දෙනෙකු මෙතෙක් පත්කොට නොමැති අතර 19 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ තානාපති සේවාවෙන්ද පත් කොට තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙස පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඥාති සහෝදරියක් මෙන්ම ස්වදේශීය සබන් කර්මාන්තශාලාවේ අධිපති අමාරි විජේවර්ධනයි. එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ ක්‍රියාකාරින් වන කරුණාසේන කොඩිතුවක්කු චීනයේත්, මහාචාර්ය ධම්මික ගංගනාථ දිසානායක ජපානයේත්, තිලක් රනවිරාජා ප්‍රංශයේත්, දයා පැල්පොල ඉතාලියේත්, නිමල් වීරරත්න සිංගප්පූරුවටත්, සමන් වීරසිංහ රුසියාවටත්, සෝමසුන්දරම් ස්කන්ධකුමාර ඕස්ට්‍රේලියාවටත්, එච්.ආර්. පියසිරි මියන්මාරයටත් ආදී ලෙස හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් පත් කර ඇත.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ තිබූ සෑම රජයක් විසින්ම විදේශ දුත මණ්ඩල සමාජිකයින් ලෙස ශ්‍රී ලංකා තානාපති සේවයේ නිලධාරීන්ට පිටින් එම පක්ෂවල දේශපාලනයට සම්බන්ධ හිතමිතුරන් මෙන්ම නෑදෑයන් පත් කර තිබේ. එහෙත් ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ ප්‍රතිපත්තිය අනුව පවුල්වාදය ඉතා බරපතළ දූෂණයක් මෙන්ම මහින්ද රාජපක්ෂ රජයට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ලවූ කාරනාවක් විය.

යහපාලන නියමුවන් වූ මාදුළුවාවේ සෝභිත හිමි මෙන්ම මහාචාර්ය සරත් විජේසුරියලා සහ ජනතා විමුක්ති පෙරමුණද එදා මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට තරම්ම දේශපාලන වේදිකාවල නිතර දෙවේලේ මේ සම්බන්ධයෙන් මහ හඩක් නැගූහ.

ඔවුන් එදා කියා සිටියේ අනාගත මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ යහපාලන රජයක් තුල කිසිම පාලකයකුගේ නෑදෑයෙකුට හෝ දේශපාලන හිත්වත්කම් මත ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නියෝජනය කිරීමට තානාපති සේවයන් පිටතින් කිසිම දේශපාලන පත්වීමක් ලෙස තානාපතිවරුන් පත් නොකරන බවයි.

ශ‍්‍රී ලංකා තානාපති නිලධාරීන් ගැව විකිපීඩියා වාර්තාව මෙතනින්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment