ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම්



ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාවේ භාවිත ඉන්දීය රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතය තහනම් කර තිබෙයි.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය  මෝදි  මෙම තීරණය දැනුම්දී ඇත.

ඒ අනුව මෙම මුදල් නෝට්ටු වර්ග සතු අය දෙසැම්බර් මාසය අවසානයට පෙර තැපැල් කාර්යාලවලට සහ බැංකුවලට භාරදි නව නෝට්ටු ලබාගත යුතුය.
දිගු කලක් තිස්සේ කළු සල්ලි ලෙස ව්‍යාජ මුද්‍රණයන්ට ලක්වූ ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු ඉන්දියාව යාබද නේපාලය බංග්ලාදේශය පකිස්තානය  වැනි රටවල මාරු කිරීම පවා ප්‍රතික්ෂේප කරන තත්වයක් පැවති අතර මේවා වලංගුද නැතිද යන්න තහවුරු කළ නොහැකි නිසා එලෙස තීරණයවී තිබුණි.
විශාල ජනගහණයක් සිටින ඉන්දියාව වැනි රටක මුදල් නෝට්ටුවක් මෙලෙස අවලංගු කිරීම පහසු කටයුත්තක් නොවන අතර එය ආර්ථිකයටද විවිධ අයුරින් බලපායි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment