අර්බුද රැසක් ගැන කියමින් ඇමති චම්පිකගෙන් ජනපතිට ලිපියක්   

අර්බුද රැසක් ගැන කියමින් ඇමති චම්පිකගෙන් ජනපතිට ලිපියක්   

ජනප්‍රිය පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පන්ති, විභාග හා තරගකාරී අධ්‍යාපන රටාව, මාලබේ පුද්ගලික අධ්‍යාපන ආයතනය (සයිටම්) ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම යනාදිය ඇතුළුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද රැසක් උද්ගත වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින්  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී තිබේ.

අධ්‍යාපන, විෂයමාලා හා ජාතික අවශ්‍යතා අතර ඇති පරතරය හා නොගැලපීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අර්බුදයක් යැයි ද ඔහු එම ලිපියෙන් පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේදී ප්‍රධාන කරුණු තුනකට අවධානය යොමු කළ යුතු යැයි ද අමාත්‍යවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි. 

ඒ අනුව ජාතික අවශ්‍යතා හා අධ්‍යාපනය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ සමාජ සාධරණත්වය යන ප්‍රධාන කරුණු තුන මත පදනම්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව අමාත්‍ය රණවක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යැවූ ලිපියේ සඳහන් වේ. එම කරුණු මත පදනම්ව ඵලදායී ප්‍රතිසංස්කරණවලට භාජනය කිරීමේ බලවත් අවශ්‍යතාවක් තිබෙන බව ද ඔහු සඳහන් කරයි. 

අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගත වූ කාලය එළඹ තිබෙන බව විශ්වාසය යැයි සඳහන් කරන චම්පික රණවක අමාත්‍යවරයා අද වනවිට යම් යම් අංශ පිළිබඳ ඉතා උණුසුම් තත්ත්ව නිර්මාණය වී තිබෙන බව ද පෙන්වා දෙයි. 

මෙවැනි වර්ධන පවතින අවස්ථාවලදී කඩිනම් හා බුද්ධිමත් ලෙස මැදිහත් නොවුවහොත් ඒවා ඉතිහාසයේ යම් යම් අවස්ථාවලදී මෙන් ලේ වැගිරෙන ඛේදවාචක බවට පත්වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment