ජාතික රෝහලේ හදවත් සැත්කම් කළ රෝගීන් මියයාම ගැන හදිසි පරීක්ෂණක්


කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 වැනිදා හදවත් සැත්කම්වලට ලක් කළ රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම
පිළිබද සොයාබැලීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ත‍්‍රි

පුද්ගල කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක මෙම විමර්ශණ කමිටුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා 01 වෛද්‍ය  ලක්ෂ්මි සී. සෝමතුංග මහත්මිය.  අධ්‍යක්ෂ (රසායානාගාර සේවා) ඡේ.එච්.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා මහතා එම කමිටුවට ඇතුලත් වෙයි.
මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා අදාල වාර්තාව අද (30) දිනය තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු වෙයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment