වෛද්‍ය වර්ජනයෙන් රෝගීන්ට පීඩා


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු
සම්පූර්ණයෙන්ම

ඇනහිට ඇති අතර, අද (30දා) සිදුකිරීමට නියමිතව තිබූ සායනික කටයුතු පවා ඇනහිට තිබේ.මෙවර අයවැය මගින් සෞඛ්‍ය සේවාවන්ට ඉදිරිපත් කළ වෙනස්කම් කිහිපයකට එරෙහිව මෙම විරෝධතාවය දියත් කර තිබේ.
මේ නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, බොහෝ රෝහල්වල දිගු පෝලිම්ද දක්නට ලැබේ.
බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ඇතැම් පිරිස් වර්ජනය අවසන් කර ප්‍රතිකාර කටයුතු සිදුකරනු ඇතැයි අපේක්ෂාවෙන් තවමත් රෝහල්වල රැඳී සිටින බවද වාර්තාවේ වේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment