රූමත් පොලිස් කතුන්ට ලොක්කන්ගෙන් අතවර?

රූමත් පොලිස් කතුන්ට ලොක්කන්ගෙන් අතවර?

ළමා හා කාන්තා දූෂණ සම්බන්ධයෙන් සොයා බලන රූමත් පොලිස් කාන්තාවන් පොලිස් ලොක්කන්ගේ දූෂණයට සහ ලිංගික හිරිහැරවලට ලක්වන තත්ත්වයක් ඇති බැවින් එවැනි පහත් ක්‍රියා සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවර ගන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "මෙය පොලිස් කාන්තාවන් අද දවසේ මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක්. පොලිස් කාන්තාවන්ට පොලිස් ලොක්කන්ගෙන් වෙන ලිංගික හිරිහැර වැඩිවෙලා. පොලිස් කාන්තාවන්ට තමන්ට වෙන මෙම හිරිහැර ගැන කියන්න අද තැනක් නැහැ. ඒ ගැන කියන්න වෙලා තියෙන්නෙත් ඒ පොලිස් ලොක්කන්ටමයි" යනුවෙන් කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment