සෞදි ගිය තිදරු මව අභිරහස් ලෙස මිය ගිහින්

සෞදි ගිය තිදරු මව අභිරහස් ලෙස මිය ගිහින්

මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටැස්පි වතුයායේ සුරියකන්ද කොටසේ පදිංචිව සිටි තිදරු මවක් සෞදි අරාබි රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී මියගොස් ඇතැයි තමන් වෙත තොරතුරු ලැබී ඇති බවට එම කාන්තාවගේ ඥාතින් විසින් මස්කෙළිය පොලිසිය වෙත පසුගියදා (06) පැමිණිල්ලි කර තිබේ.

පලනියාන්ඩි කප්පුදවල්ලි නමැති 36 හැවිරිදි මෙම තිදරු මව සැමියාගෙන් වෙන් වී ආර්ථික අපහසුතා හේතුවෙන් පසුගිය 2015.10.12 දින කොළඹ පෞද්ගලික එජන්සිකරුවෙකු හරහා විදේශ සේවයට ගිය බවත් ඉන් පසු මාස 04ක් වැටුප් එවූ බවත් එම කාන්තාවගේ ඥාතින් පවසයි.

ඇය විසින් අවස්ථා කිහිපයකදී නිවසට දුරකතනයෙන් කථා කර තමන්ට එම නිවෙස් හිමියන්ගෙන් දැඩි ලෙස හිරහැර සිදුවන බවට අවස්ථා කිහිපයකදී දැනුම් දුන් බවද එම කාන්තාවගේ ඥාතින් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

එම නිවසේ හිරිහැර හේතුවෙන් ඇය එම නිවසෙන් පැනවිත් සෞදි ආරාබියේ එජන්සිකරුවෙකුගේ කාර්යාලයේ රැදි සිටි බවත් එහිදී පසුගිය 30 වැනිදා මියගොස් ඇති බවට සමාජ වෙබි අඩවි වල පළවී තිබු නිසා තමන් ඒ බව දැනගත් බවත් ඇගේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ පිළිබදව ඇගේ ඥාතීන් විසින් ඇය ගෘහ සේවයට යැවූ එජන්සිකරුවන්ගෙන් විමසූ අවස්ථාවේ ඇයට කිසිදු හිරිහැරයක් නොමැති බවත් ඇය සෞදි ආරාබි රාජ්‍ය රැකියාවේ නිරත වී සිටින බවත් ප්‍රකාශ කොට ඇත. 

මියගියේ යැයි කියන කාන්තාවට අවුරුදු 13 සහ අවුරුදු 09 දියණියන් දෙදෙනෙක් සහ අවුරුදු 12 පිරිමි දරුවෙකු සිටින අතර ඔවුන් මස්කෙළිය ගවරවිල දෙමළ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටී.

අදාළ කාන්තාව විදේශගත වීමට ප්‍රථම වතුකම්කරු කාන්තාවක් ලෙස සේවය කළ බවත් ඇය විදේශ ගතවීමෙන් පසු ඇගේ දරුවන් ඇගේ සොහොයුරියන් විසින් රැක බලා ගන්නා බවත් මස්කෙළිය පොලීසිය පැවසීය.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment