මෛත්‍රී ජයගත් මොහොතේ මහින්ද හමුවට ගිය නිළධාරීන් ගැන හෙළිදරව්වක්

මෛත්‍රී ජයගත් මොහොතේ මහින්ද හමුවට ගිය නිළධාරීන් ගැන හෙළිදරව්වක්

පසුගිය 2015 වසරේ ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින විට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරින් කිහිපදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවකට පදිංචිව සිටි අරලියගහ මන්දිරය වෙත පැමිණ සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ ස්වාධීන නිලධාරීන් වශයෙන් සිටින විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි.

එසේම හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඇතැම් විදේශ සංචාරයන්හි දිනක හෝටල් ගාස්තු ලක්ෂ 45ක් වී තිබුණ බවත් එම බිල් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගෙවා ඇති බවත් ඔහු එම අවස්ථාවේ පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment