රාගම වෛද්‍ය පීඨ මහාචාර්යවරයා මාලඹේට ඉගැන්වීමට ගිහින්

රාගම වෛද්‍ය පීඨ මහාචාර්යවරයා මාලඹේට ඉගැන්වීමට ගිහින්

කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ නිර්වින්දන පිළිබඳව මහාචාර්යවරයෙකු නිවාඩු ලබාගෙන මාලඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය වන සයිටම් ආයතනයට ඉගැන්වීම් කටයුතු සඳහා ගොස් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඊයේ පාර්ලිමේන්තුවේදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ හිඟය පිළිබඳව යොමුකළ ප්‍රශ්නයක් අතරතුළදී මේ බව හෙළිවිය.

එහිදී පිළිතුරු දුන් උසස් අධ්‍යාපන අමාත්‍යරයා ප්‍රකාශ කළේ රාගම වෛද්‍ය පීඨයට ආචාර්යවරුන් 19කගේ හිඟයක් පවතින බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment