මන්ත්‍රීවරුන්ට හොඳ කලදසාවක්! - දීමනා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

මන්ත්‍රීවරුන්ට හොඳ කලදසාවක්! - දීමනා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දීමනාව සහ කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා ලබාදෙන දීමනාව ඉහළ දැමීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අමාත්‍ය මණ්ඩලය රැස්ව ඇති අතර, එහිදී මෙම යෝජනාවන් ඉදිරිපත්ව ඇති අතර එහිදී අදාළ යෝජනාව සඳහා අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑමේ දීමනාව රුපියල් ලක්ෂය දක්වා වැඩිවන අතර, පාර්ලිමේන්තු පැමිණීමේ දීමනාව රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා දක්වා වැඩිවී තීබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment