සාකච්ඡා සාර්ථකයි - ආබාධිත රණවිරුවන් උපවාසය අතහරී

සාකච්ඡා සාර්ථකයි - ආබාධිත රණවිරුවන් උපවාසය අතහරී

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් අතරින් කිහිප දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යාමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ගිය එක් සාමාජිකයකු සඳහන් කළේ පෙබරවාරියේ සිට තම ඉල්ලීම් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් එකඟ වූ බවයි.

එය ලිඛිතව ලැබෙන තෙක් දිගටම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටින බව උද්ඝෝෂකයෝ පවසති.

ඒ අනුව විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබේ.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සදහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය ඉල්ලීම් ලිඛිතව ලබාදීම මත මෙම උපවාසය අවසන් කිරීමට තීරණය කළ බවයි. 

සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා කොටුව දුම්රියපොල අසල ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ උපවාසයට අදට සතියක කාලයක් ගතවේ. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment