පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කරයි

පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කරයි

පාර්ලිමේන්තු සැසිවාර සජීවීව විකාශය කිරිමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව රූපවාහීනී සංස්ථාවේ චැනල් අයි සේවය හරහා පාර්ලිමේන්තු රැස්වීම් සජවීව විකාශය කිරීමට නියමිතය.

කතානායක කරූ ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ අද සිට ලබන මස 10 වැනිදා දක්වා අයවැය සජීවී ලෙස නැරඹීමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළ සජීවී ලෙස එය නැරඹීමට හැකියාව පවතී.

එමෙන්ම, ඉදිරි මාස 03 ක කාලය ඇතුළත පාර්ලිමේන්තු විවාදයන් විකාශය කිරීම සඳහා වෙනම නාලිකාවක් ලබාදීමට මුදල් අමාත්‍යවරයා කැමැත්ත පළ කර ඇති බවද කතානායකවරයා කියා සිටියේය.

ඒ අනුව චැනල් අයි සේවය මේ වන විට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කිරීම ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් සිම්බාබ්වේ, කොදෙව් හා ශ්‍රි ලංකා තුන්කොන් එක්දින තරගාවලියේ තරග පැවැත්වෙන විට චැනල් අයි සේවය වෙනුවට ජාතික රූපවාහිනය හරහා පාර්ලිමේන්තුව සජීවීව විකාශය කරන බව සඳහන්ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment