ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අතර වැදගත් ආරක්ෂක කරුණු ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අතර වැදගත් ආරක්ෂක කරුණු ගැන සාකච්ඡාවක්

මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී මේජර් ජනරාල් අහමඩ් සියාම් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (07) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදු විය.

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා සිහිපත් කළේය.

මෙම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment