'බැඳුම්කර වංචාකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා' - හැරිසන්

'බැඳුම්කර වංචාකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා' - හැරිසන්

බැඳුම්කර වංචාවේ වරදකරුවන්ට දඬුවම් ලබා දීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක පසුබට නොවන බවත් ඔවුන්ගේ තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට රජය පැහැදිලි ස්ථාවරයක ඉන්නා බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තිරප්පනේ, කුඩා කණුමුල්ල ශ්‍රී සරසවි දහම් පාසලට අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් සිදු කළ උපකරණ ප්‍රදානයට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් විසින් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගන්නේදැයි විමසූ අවස්ථවේ අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

" නීතියෙන් වැරදිකාරයෙක් වු‍ණොත් එතුමා විතරක් නෙවේ, එතුමා තනියෙන් අත්සන් කරලා දීපු බැඳුම්කර නෙවෙයිනේ තවත් මේකට සම්බන්ධ මහ බැංකුවේ නිලධාරීන් ඇති. ඒ වගේම මේවට උදව් කරපු අයත් ඒ සියළු දෙනාටම විරුද්ධව අධිකරණය තීන්දුවකට යන්න වෙනවා අනාගතේ මේ පරීක්ෂණ පැවැත්තුවාම. මහ බැංකු අධිපතිවරයා විතරක් නෙවේ ඊට වැඩිය ලොකු කෙනෙක් වුණත් නීතියේ වැරදි කාරයෙන් වෙලා තියෙනවා නම්, අධිකරණ නියෝගයක් තියෙනවා නම් රටෙන් පිට වෙන්න බෑ. එතුමගේ පාස්පොට් එක තහනම් කරන්න ඕන කියලා තියෙනවා. නම් ඒ සියළු දෙනාම අපි නවත්තලා තියෙනවා. ඒක නිසා අපිට ඕනම කෙනෙක්ව අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනකන් එයා වැරදිකාරයෙක් කියලා කියන්න බෑ. එක්කෙනාට චෝදනා කරන්න පුළුවන් හැබැයි නිතීයෙන් වැරදිකාරයෙක් වෙන්න ඕන ඒ අයට නීතීමය ක්‍රියාමාර්ග ගන්න.

එක්සත් ජාතික පක්ෂය මහ බැංකු අධිපතිවරයාව ආරක්ෂා කරනවා කියලා එහෙම කිසිම දෙයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නෙවේනේ එතුමව ආරක්ෂා කරන්න. එක්සත් ජාතික පක්ෂය ඇතුළු මේ ආණ්ඩුවෙන් පත්කරපු එක් නිලධාරීයෙක් විතරයි මහ බැංකු අධිපතිවරයා. එතුමා විතරක් නෙවේ මං මුලින් කිව්වා වගේ තවත් නිලධාරීන් ගණනාවක් ඉන්නවා. හැබැයි ඒ සියළු දෙනා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ සියළු දෙනාට දඩුවම් දෙන්න ඕන".

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment