පන්දු යැවීමේ පුහුණුවට වසීම් අක්‍රම් ලංකාවට



කලකට ඉහතදී ක්‍රිකට් ලොව කැලඹූ පාකිස්තානු වමත් වේග පන්දු යවන්නකු වූ වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන විශේෂ වැඩමුළුවක් දෙසැම්බර්
පළවැනිදා (1දා)

කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
2019 වසරේදී පැවැත්වීම නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කිරීමට නියමිත විශේෂ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයද සහභාගිවීමට නියමිතය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment