කස්ත්‍රෝ වෙනුවෙන් මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ රාජ්‍ය උත්සවයක්


අභාවප්‍රාප්ත කියුබානු
විප්ලවීය නායක

ෆිදෙල් කස්තේ‍රා් වෙනුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් සිදු කෙරෙන විශේෂ ගුණ සමරු උත්සවය ලබන සිකුරාදා (2දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ. විදෙස් රාජ්‍ය නායකයකුගේ අභාවය නිමිත්තෙන් මෙවැනි රාජ්‍ය උත්සවයක් මෙරට පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. ජනාධිපතිවරයාගේ තීරණය අනුව මෙම අවස්ථාවට කියුබානු තානාපතිනිය ඇතුළු විදෙස් තානාපතිවරුන්ටද, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය ඇතුළු වමේ දේශපාලන පක්ෂ නායකයන්ටද, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ටද, විද්වතුන්ටද ඇරැයුම් කෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

(උදේනි සමන් කුමාර)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment