මහින්ද නව පක්ෂයේ සභාපති සමඟ චීනයට යයි

මහින්ද නව පක්ෂයේ සභාපති සමඟ චීනයට යයි

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හෙට (23) චීනය බලා පිටත්ව යාමට නියමිතය.

ඒ, චීන රජයේ ආරාධනාවකට අනුවය.

හෙට (23) දිනයේ චීනය බලා යන ඔහු ලබන දෙසැම්බර් මස පළමුවැනිදා දක්වා චීනයේ රැඳීසිටීමට නියමිත බව වාර්තා වේ.

සංචාරය අතරතුරදී හිටපු ජනාධිපතිවරයා  චීන රජයේ ප්‍රධානීන් හමුවීමට හා විවිධ නිදහස් වෙළෙඳ කලාපයන්හි  සංචාරය කිරීමට ද නියමිතය. 

එමෙන්ම ගුආන්ශු ප්‍රාදේශීය ආණ්ඩුවේ ප්‍රධානීන් හා ශෙන්ෂිං නාගරික ප්‍රධානීන් විසින් මහින්ද රාජපක්ෂ මහතා සඳහා  විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇති බවද වාර්තා වේ.

මෙම සංචාරය සඳහා මෑතකදී පිහිටුවාගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන්ද එක්වීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. නාකි හිවලා බලයට කෑදරකමින් තවත් දඟලනවා. මූට ඉතුරුවෙන්නේ මහපාර විතරයි.

    ReplyDelete