'ආවා'ට සමාන කල්ලියක් ගැන බද්දේගම සමිත හිමි හෙළිකරයි

'ආවා'ට සමාන කල්ලියක් ගැන බද්දේගම සමිත හිමි හෙළිකරයි

උතුරේ පමණක් නොව දකුණේ ද 'ආවා' කල්ලි ක්‍රියාත්මක වන බව දකුණු පළාත් සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (22) දකුණු පළාත් සභාවේ සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කළේගානේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමකදීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ කියාසිටියේ පසුගිය දිනක යතුරුපැදිවලින් පැමිණි 05 දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් බද්දේගම සමෟද්ධි බැංකු කළමණාකරුට හෙල්මට් 02ක් කැඩෙන තුරු පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවත් මෙම කල්ලිය උතුරේ ක්‍රියාත්මක 'ආවා' කල්ලියට සමාන බවත්ය.

තවද එම අවස්ථාවේ සමෘද්ධි කළමණාකරුට පහරදීම වැලැක්විමට ගිය හිටපු ප්‍රදේශිය සභා මන්ත්‍රිවරයෙකුට ද මෙම කල්ලිය බරපතල ලෙස පහරදී ඇති බවද උන්වහන්සේ පැවසීය.

වැඩිදුරටත් ඒ සම්බන්ධව අදහස් දැක්වූ සමිත හිමියන්," මෙම කල්ලියට දේශපාලන සම්බන්දයක් ඇතැයි කියා කියන්න බැහැ. අවුරුදු 30ක් තිස්සේ අපි විඳපු ජීවිත තර්ජන බියවැද්දිම් යලි ඇති කිරිමට මෙම කල්ලියට ඉඩ දෙන්න බැහැ. රජයේ නිලධාරියෙකුට රාජකාරි මධ්‍යස්ථානය ඉදිරිපිටදි තමයි මෙම කල්ලිය පහර දෙන්නේ. මේ සම්බන්දයෙන් වහාම මැදිහත් වි නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම කල්ලිය අත්අඩංගුවට ගන්න. ආයුධ සන්නද්ධ අය නිරායුධ කොට නීතිමය පියවර ගන්නා ලෙස සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් කියාසිටියේය.

එ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපති කේ.ඒ. සෝමවංශ මහතා ප්‍රකාශ කළේ මේ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත් කොට ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

ගාල්ල - ලලිත් චාමින්ද

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment