ධීවරයන්ට අන්තර්ජාල ගුවන්විදුලි සේවාවක් අරඹලා


 ඊයේ (21)ට යෙදී තිබූ ලෝක ධීවර දිනය සමරමින්  ධීවර ගුවන් විදුලි සේවය නමින් ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර තිබේ.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ධීවර වාරාය නීතිගත
සංස්ථාව මගින් මෙය අරඹා ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් එම විකාශන මැදිරිය විවෘත කර ඇත. පළමු අදියරේ දී මෙම ගුවන් විදුලි සේවාව අන්තර්ජාලය පදනම් කරගත් ගුවන් විදුලි විකාශනයක් වශයෙන් ධීවර වරායන් 20ක විකාශනය කරන අතර දෙවන අදියරේ දී සමස්ත රටම ආවරණය වන පරිදි, FM නාලිකාවක් වශයෙන් ක්‍රියාත්මක වන  බව පැවසිණි.
මෙහිදී කාළගුණික පුවත්, ධීවර අනාවැකි, ස්වාභාවික විපත් පිළිබඳ තොරතුරු, සංගීතමය වැඩසටහන්, මසුන් ආශ්‍රිත තොරතුරු සහ ධීවර අණපනත්, නීති පිළිබඳ තොරතුරු විකාශණය කිරීමට නියමිතය.
මීට වසර ගණනාවකට පෙර 1990 දශකයේදීද මෙවැනි ගුවන් විදුලි සේවාවක් අරඹා තිබූ නමුත් පසුව එය ඇණ හිට තිබුනි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment