මහින්දගේ උපන් දිනයට ආණ්ඩුවෙන් තෑග්ගක්?

මහින්දගේ උපන් දිනයට ආණ්ඩුවෙන් තෑග්ගක්?

ආණ්ඩුවේ ඉදිරි ගමනට සහයෝගය ලබාදෙන ලෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වැනි දිනය යටතේ විවාදයට එක්වෙමින් පෙරේදා (17) පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් ඉතිහාසයට එක්වී ඇති මහින්ද රාජපක්ෂ මහතාට රට ඊළඟ පියවරට ගෙනයෑම සඳහා රජයට උදව් කිරීමට එක්වන ලෙස අමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළේය.

“මම හිටපු ජනාධිපතිතුමාට කියන්නේ අපට සහාය දෙන්න කියලා. මොකද එතුමාත් මේ රටේ ඉතිහාසයට එක්වෙලා තියෙන්නේ. එතුමා යුද්ධය අවසන් කළා. දැන් ඊළඟ පියවරට යන්න අපිට උදවු කරන්න. හිටපු ජනාධිපතිතුමාට ඊළඟ පියවරට යන්න බැරි වුණා. යුද්ධය දිනුවාට ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න බැරි වුණා.

මොකද එතුමා ජාත්‍යන්තරයත් එක්ක රණ්ඩු වුණා. විශේෂයෙන්ම මම හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපට සහයෝගය දෙන්න කියලා. ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි ලංකා ඉතිහාසයේ මුල්ම වතාවට සියලු පක්ෂ එක වහලක් යටට ගෙනල්ලා සාකච්ඡා කරන්න හැකි වෙලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමාටත් කියනවා මේකට සහාය දෙන්න කියලා. අවස්ථාව පැහැර හරින්න එපා“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget