'බුදුපිළිම තියන්න එපා නම් ඇමතිකම් දාලා ගෙදර යනවා' - ඇමති දයා ගමගේ

'බුදුපිළිම තියන්න එපා නම් ඇමතිකම් දාලා ගෙදර යනවා' - ඇමති දයා ගමගේ

බුදුපිළිම තැබීම තහනම් කරනවානම් එය වැරදි වැඩක් බවත් තමාට ඊට එකඟවීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා පැවති අම්පාර කමිටු සංවර්ධන රැස්වීමේදී අදහස් දක්වමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බවට සදහන් කර ඇති නමුත් අද සිංහල බෞද්ධ ජනතාවට සිදුවන කෙණෙහිලිකම් තවත් ඉවසා සිටිය නොහැකි බව හෙතෙම සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“මුස්ලිම් නායකයෝ, ද්‍රවිඩ පක්ෂවල නායකයෝ, එතකොට ක්‍රිස්තියානි පල්ලිවල ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුදුදහමට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. එතකොට අද මේ රටේ බුදුපිළිමයක් තියන එක තහනම් කරන්න කියලා කතා කරනවා නම්, ඒක වැරදියි. අපි හැම ආගමකටම ගරු කරනවා. හැම ජාතියකටම ගරු කරනවා. බුදුපිළිම තියන්න එපා කියලා කවුරුහරි කියනවා නම් ඒකට මට එකග වෙන්න බෑ. යහපාලනය නැති වෙන්නේ නෑ. බුදුපිළිම තිබුණා කියලා. එහෙම කියනවා නම් මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා .මේ ඇමතිකම ලොකු නෑ මට. හැබැයි කවුරුහරි බුදුපිළිමයක් හදනවා කිව්වොත් මම ඒකට සාධු සාධු කියලා අතගහලා සල්ලි දෙනවා.“ යැයිද ඔහු කියා සිටියේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment