රවිරාජ් ඝාතන නඩුවට විශේෂ ජූරි සභාවක්

රවිරාජ් ඝාතන නඩුවට විශේෂ ජූරි සභාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ජූරි සභාවක් අද (22) කොළඹ මහාධිකරණයේදී පත් කෙරිණි.

විත්තිය හා පැමිණිල්ල විසින් මීට පෙර තෝරාගනු ලැබූ ජූරි සාමාජිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් අතුරින් අද අධිකරණයේදී කළ කුසපත් ඇදීමකින් පසු 07 දෙනකුගෙන් යුත් විශේෂ ජූරි සභාවක් පත් කර ගත් අතර ඔවුන් හමුවේ හෙට (23) සිට දිනපතා එම නඩුව විභාගයට ගැනීමට නියමිතය.

මේ වනවිට සැකපිට සිටින පුද්ගලයින් 03දෙනකුට අධි චෝදනා කියවා බාරදීමද අද සිදු කෙරිණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ගෝටයා ඉක්මනට කොටුවෙයි එහෙනම්

    ReplyDelete