පිලිපීන ජනපතිගේ රථ පෙළට ප්‍රහාරයක්

පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේගේ පෞද්ගලික ආරක්ෂකයන් පිරිසක් ඉස්ලාම් සටන්කාමීන් විසින් මාර්ගයේ ඇට වූ බෝම්බයකට ගොදුරු වී තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ඉස්ලාම් සටන්කාමීන් හා පිලිපීන රජයේ හමුදා අතර දරුණු සටන් පවතින ප්‍රදේශය වෙත ඩුටාර්ටේ ඉදිරියේදී සැලසුම් කර ඇති සංචාරය අභියස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මෙම රථ පෙළේ ජනාධිපති ආරක්ෂකයන් හත් දෙනෙකුද සිට ඇති අතර, තවත් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මෙන්ම, ඩුටාර්ටේගේ මාධ්‍ය කණ්ඩායමද එම රථ පෙළේ ගමන් කර ඇති බව කියැවෙයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් ක්ෂණිකව ගුවන් මගින් රෝහල් වෙත යොමුකර ඇති අතර, ප්‍රහාරයෙන් ජනාධිපති මාධ්‍ය අංශයට හානියක් නොමැති බව ද සදහන්.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයත් සමග ජනාධිපතිවරයාගේ සංචාරය අවලංගු කරන ලෙස හමුදාව උපදෙස් ලබාදී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා අමතර බලඇණි යොදවා ඇති බවද පිලිපීන වාර්තා පවසයි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ආරක්ෂක උපදෙස් පිළිගෙන නොමැති බවද පැවසෙයි.

"මම ඒ ආරක්ෂක උපදෙස් කල් දැමුවා. මා එහි යා යුතුයි. ඒ වගේම, බොහෝ විට ඒ ප්‍රහාරය එල්ල වූ මාර්ගයේම විය හැකියි. සමහර විට අපට පොඩි වෙඩි හුවමාරුවකට මැදිවෙන්න වෙයි. එච්චරයි.." නාහෙට නාහන ජනාධිපතිවරයෙකු ලෙස ප්‍රකට ඩුටාර්ටේ පවසා තිබේ.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ සහාය ලබන කෙවුටේ ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment