සාපෙළ ලියන සිසුන් 12කට ඩෙංගු - විභාග මධ්‍යස්ථානයක් උණ රෝහලට 

සාපෙළ ලියන සිසුන් 12කට ඩෙංගු - විභාග මධ්‍යස්ථානයක් උණ රෝහලට 

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඩෙංගු රෝගය වැලඳුණු සිසු සිසුවියන් 12 දෙනෙකු අයි.ඩී.එච් උණ රෝහලට ඇතුළත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම විභාග අපේක්ෂකයන් වෙනුවෙන් රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන බවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වෛද්‍යවරුන් අඛණ්ඩ නිරීක්ෂණයක නිරත වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටියි.

මේ අතර ඊයේ (15) වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47,900 ක් බවත් මියගොස් ඇති සංඛ්‍යාව 77 ක් වන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

සඳුදා සිට බදාදා දක්‌වා සිදු කරන ලද දීපව්‍යාප්ත ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළ යටතේ ඩෙංගු මදුරු කීටයන් බෝවන අයුරින් තම පරිශ්‍ර පවත්වාගෙන ගිය 616 දෙනකුට එරෙහිව නඩු පැවරීමටත් තවත් 2882 දෙනකුට එරෙහිව නොතීසි නිකුත් කිරීමටත් සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා පරිශ්‍රයන් 77, 728 ක්‌ පරීක්‍ෂාවට ලක්‌ කර ඇති අතර මදුරු කීටයන් සහිත පරිශ්‍රයන් 1140 ක්‌ සොයාගෙන තිබේ.

මදුරු කීටයන් බෝවීමේ අවදානමක්‌ සහිත පරිශ්‍රයන් 9188 ක්‌ එම තත්ත්වය නිවැරැදි කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩපිළිවෙළ යටතේ සඳුදා සිට බදාදා දක්‌වා කාලය තුළ හමුවී තිබූ ඩෙංගු මදුරු කීටයන් බෝවී සිsටි පරිශ්‍රයන්ගෙන් වැඩිම සංඛ්‍යාව නිවාස වන අතර එය 1028 කි. පාසල් 68 ක්‌ මේ යටතේ පරීක්‍ෂාවට ලක්‌ කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment