ඒ අනුව ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.
ව්‍යාපාතිය යටතේ පැයට කි.මී.100ක ධාවනය වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියක් සවිකිරීම, ස්වංක්‍රීය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ග 02ක් ඉදිකෙරෙන අතර ඒ හරහා දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව යෝජනා වී තිබේ. ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ආරම්භ කෙරෙන අතර, එම වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
සමස්ත ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 625ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.
0 comments :
Post a Comment