ත්‍රිපෝෂා ටොන් 25ක් මාස 2ක් තිස්සේ අතරමඟ (PHOTOS)

ත්‍රිපෝෂා ටොන් 25ක් මාස 2ක් තිස්සේ අතරමඟ (PHOTOS)

මාස 02ක් තිස්සේ කොටගල දුම්රිය ස්ථානයේ දුම්රිය භාණ්ඩ ප්‍රවාහන පෙටිටි 02ක් තුළ අතහැර දමා තිබූ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දිවයිනේ ගැබිණි මව්වරුන්ට හා අඩු බර ළමුන්ට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ ටොන් 25ක් අද (05) දුම්රියක් මගින් බදුල්ල ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රාජගිරිය ත්‍රිපෝෂ කර්මාන්ත ශාලවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත භාරදීම සදහා මෙම ත්‍රිපෝෂ තොගය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මස 03 වැනිදායි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ දින සිට මාස 03ක කාලයකින් පසුව කල් ඉකුත් වන දිනය සදහන් කර ඇතත් ඊට දින 15කට ප්‍රථම එම ත්‍රිපෝෂ පැකට් අදාල ගැබිණි මව්වරුන්ට සහ අඩු බර ළමුන්ට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය හා ප්‍රාදේශීය රෝහල් හරහා බෙදාහැරිය යුතු බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ මතයයි.

කොළඹ සිට මෙම ත්‍රිපෝෂ ලොරි මගින් ප්‍රවාහනය කිරීමේදී විශාල පිරිවැයක් දැරිමට සිදුවන නිසා දුර පළාත් වලට ත්‍රිපෝෂ ප්‍රවාහනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත් එය ප්‍රවාහනය කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශාල ප්‍රමාදයක් සිදුවන බවත් මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් කියාසිටියේය.

කොටගල දුම්රිය ස්ථානයේ ගාල්කර තිබූ මෙම ත්‍රිපෝෂ සහිත දුම්රිය භාණ්ඩ ප්‍රවහාන පෙටිටි පිළිබදව දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ භාණ්ඩ ප්‍රවහාන දුම්රිය එන්ජින් නොමැති නිසා මෙම ත්‍රිපෝෂ සහිත දුම්රිය භාණ්ඩ ප්‍රවහාන පෙටිටි 02ක සතියක පමණ කාලයක් මෙම දුම්රිය ස්ථානයේ තිබෙන බවයි.

දුම්රිය එන්ජිමක් ලද විගසම භාණ්ඩ ප්‍රවහාන දුම්රියක මෙම ත්‍රිපෝෂ තොගය ප්‍රවහානය කිරිමට කටයුතු කරන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment